Pages

Mar 5, 2016

Internet Usage Meter - ලිනක්ස් වලට || Internet Usage Meter for Linux







අන්තර්ජාලය භාවිතා කරන අපි ඒ සඳහා විවිධ අන්තර්ජාල පැකේජ භාවිතා කරනව. සමහර අයගෙ Data නියමිත කාලසීමාවට පෙර අවසන් වුණත් සමහර අයගෙ Data ඉතිරිවන අවස්ථා වැඩියි. අපරාදෙ Data ඉතිරි කරල දුරකතන සමාගම් පෝසත් කරන්නෙ මොකටද? සමහර දුරකතන සමාගම් හොඳ සේවාවක් ලබා දුන්නද සමහර ඒව නියමිත Data ප්‍රමාණයවත් ලබා දෙන්නෙ නැති අවස්ථාත් නැතිවම නෙවෙයි. අපේ රටේ කියමනක් තියෙනව ගඟක මුහුදක දැම්මත් ගාණක් මිම්මක් ඇතිව දාන්න ඕනයි කියල. ඒක නිසා අපේ Internet Usage එක පිළිබඳව දැනුවත් වීම වැදගත්. ඒ දැනුවත් භාවය තුළින් පුලුවන් අපිට හිමි සම්පූර්ණ Data ප්‍රමාණය පාවිච්චි කරන්න.

ලිනක්ස් භාවිතා කරන අය වෙනුවෙන් නිර්මාණය වුණ අන්තර්ජාල දත්ත ගණනය කරන හොඳ Internet Usage Meter මෘදුකාංගයක් හොයාගන්න කාලයක පටන් උත්සහ කළා. ඒත් මටනම් සතුටුදායක මෘදුකාංගයක් ලැබුනෙ නෑ.

ඒත් මම ඒකට හොයාගත්තා ඉතා හොඳ පිළියමක්.

මේක ඇවිල්ල Windows වලට හදපු මෘදුකාංගයක්.

Netwrox කියන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන ගොඩක් දෙනෙක් භාවිතා කරන සුපිරි Internet Usage Meter එකක් වන Free Software එකක්.

අපි අද කරන්න යන්නෙ Netwrox ව ලිනක්ස් ට කඩේ යවන්නයි. ඒ කියන්නෙ ලිනක්ස් මත
Netwrox ස්ථාපනය කිරීමයි.ඒක කරන්නෙ අපේ හිතවතා Wine ආධාරයෙනුයි.

හරි අපි වැඩේ පටන් ගනිමු.

01. ඉහත සබැඳියෙන් ලබා ගත් Netwrox Setup එක මත Right Click කර

Open With ---------> Wine Windows Programe Loader




02. දිස්වන සංවාද කොටු වලට අනුව සාමාන්‍ය වින්ඩෝස් සොෆ්ට්වෙයා එකක් Install කරන ආකාරයට ස්ථාපනය කරන්න.





 03. Install වුනාට පස්සෙ පැනලයේ පැත්තක මේ වගේ පණිවිඩයක් දිස් වේවි. ඒකියන්නෙ අපේ ස්ථාපනය සාර්ථකයි.

 

ඒත් වැඩේ තාම ඉවර නෑ……..

අපේ Netwrox Internet Usage Meter එක ඊලඟ වතාවෙ පරිගණකය On කරනකොට  ස්වයංක්‍රියව Run වෙන්න සකසන්න ඕන. ඒක කරන්නෙ මෙහෙමයි.

Menu ----→ Preferences ----→ Startup Applications




04. පහත පරිදි Choose Application තෝරන්න.



05. දැන් Netwrox Select කර Add Application දෙන්න.



ක්‍රියාන්විතය සම්පූර්ණයි.

දැන් ඕන වෙලාවක ඔයගොල්ලො පාවිච්චි කරල තියෙන ඩේටා ප්‍රමාණය¸තව ඉතිරි ඩේටා ප්‍රමාණය වගෙම අන්තර්ජාල ඩේටා භාවිතයේ සාරාංශයක් වුනත් Netwrox Internet Usage Meter එකෙන්  බලාගන්න පුලුවන්.




No comments:

Post a Comment