Pages

Feb 13, 2016

Linux Mint Install කළ පසු කලයුතු කාර්යයන් 10 || 10 Things To Do After Installing Linux Mint








Linux Mint Install කළ පසු එහි කාර්යසාධන මට්ටම ඉහළ දමාගැනීමට විවිධ කාර්යයන් කළ යුතුයි. උදාහරණයක් විදිහට ගත්තොන් codecs සහිත ස්ථාපිතයක් කළද බොහෝවිට  totem,VLC ආදී Default එන මාධ්‍ය ධාවක සමඟ  bluray,H265 ආදී   fomat ධාවනය කළ නොහැකියි. තවද අපගේ නව මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂණ ක්‍රම (Eg; Firewall )  නිසි පරිදි සකසා ගත යුතු වනවා මෙන්ම. අපට ඕනකරන සමහර සොෆ්ට්වෙයා ද දමාගත යුතුයි. අද කතා කරන්නෙ Linux Mint Install කළ පසු කලයුතු කාර්යයන් 10 ක් පිළිබඳවයි. වගෙම කියන්න ඕන අපි මේ කරන දේ Linux Mint හා Ubuntu මෙන්ම Ubuntu පාදක කරගත් අනෙකුත් ලිනක්ස්මෙහෙයුම් පද්ධති වලටත් අදාළයි. මතක තියා ගන්න මේක කරනකොට අපි Internet Connect වෙලා ඉන්න ඕන.





01. Sound / USB Modem install කිරීම  
  

02.Syatem update 
 

මේ සඳහා තියෙනව ක්‍රම 02 ක්

·         Terminal එක මගින්

·         Update Manager එක මගින්


Terminal එක මගින් Syatem update කිරීම.

Terminal එක විවෘත කර පහත විධානයන් දෙන්න.



sudo apt-get update




දැන් Relog ( logout වෙලා ආයෙත් log ) වෙන්න.


Update Manager එක මගින්

Menu ----- Administration ----- Update Manager 









මේ වගේ වින්ඩෝවක් ඒවි. ඒකෙ තියෙන විදිහට refresh කළාම ලැබෙනව Update List එකක්. ලැබුනට පස්සෙ Install Updates දීල Update කරන්න.


03. gufw

 මේ තමයි ලිනක්ස් වලට එන Firewall එක. මේක අපි System එක Install කරද්දිම Install වුනත් අපිට ඕන විදිහට වින්‍යාසගත කළ යුතුයි. gufw කියන්නෙ මේකෙ Graphic user Interface එකට.

Menu ----- Administration -----  Software Manager 




Menu --- Preferences --- Firewall Configuration








මේ විදිහට ඔයාලට අවශ්‍ය ආකාරයට සකසා ගන්න.


 
05.Trash ( Recycle Bin ) එක Desktop එක මතට ගැනීම.


Menu --- Preferences --- Desktop

මෙලෙස සකසන්න.







06. x265 Codecs Install කිරීම.

HEVC සහ H.265 Play කරන්න මේක ඕන.

Terminal එක විවෘත කර පහත විධානයන් පිලිවෙලින් දෙන්න.


$ sudo apt-add-repository ppa:strukturag/libde265

$ sudo apt-get update

$ sudo apt-get install gstreamer1.0-libde265 gstreamer0.10-libde265





07. Qbittorrent.

මේක තමයි Torrent බාන්න හොඳම  සොෆ්ට්වෙයා එක.


 Menu ----- Administration -----  Software Manager








08. Install Wine

අපිට ඕනකරන  Windows Softwares Linux මත Install කරගන්න මේ

හරහා පුලුවන්.

Menu ----- Administration -----  Software Manager








09. Install Virtualbox nonfree
 

 Menu ----- Administration -----  Software Manager





 

10.Configer Firefox
  • set Homepage 
ඔයාලට හුරුපුරුදු Web Search Engine එක තෝගන්න.මම කැමතිම Google
  • Install addons   


මේකෙන් අනවශ්‍ය  add block කරනවා.


මේකෙන් විශ්වාසනීය වෙබ් අඩවි තෝරා දෙනවා.



මේව තමයි සාමාන්‍යයෙන් කළයුතු කාර්යයන් 10 වෙන්නෙ. ටිකෙන් ටික ලිනක්ස් වලට පුරුදු වෙනකොට තව ඔයාලටම ආවෙිණික  To Do List එකක් හදා ගන්න පුලුවන්. Terminal එකට පුරුදුවෙන්න උත්සහ කරන්න. මොකද අපේ වැඩ වේගයෙන් කරන්න පුලුවන්.ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතුණ නිසා දැම්මා. ඔයාලගෙ අදහස් මොනවද කියල දැනගන්න කැමතියි.





5 comments:

  1. Wine wala windows internet download manager da ganne kohomada bro?

    ReplyDelete
    Replies
    1. eka tikak sankeerna wedak. mama a gena post ekak karannam ikmanatama.

      Delete
  2. Bro mm java programing igena ganna kenek,pluwanm netbeans hari eclips hari config kran hatith kyanwad??
    Asai test krala balnna

    ReplyDelete