Pages

Feb 18, 2016

Linux Mint මත IDM ස්ථාපනය || Installing IDM on Linux Mint





එක එක දේවල් වලට Net යන අපිට ඒ ඒ දේවල්  බාන්න සුපිරිම Download Manager එක තමයි IDM හෙවත්  Internet Download Manager. ඒත් ඉතිං ඒ වින්ඩෝස් පාවිච්චි කරන අයටනේ. IDM ලිනක්ස් වලට Support නෑ. ( ලිනක්ස් එපා කියල හිතුණද මංදා ) හා.........හා........ වද වෙන්න එපා. මම තවම කියල ඉවර නෑ. අපි මේ හදන්නෙ එහෙව් IDM ව ලිනක්ස් වලට බලෙන් කඩේ යවන්නයි. එහෙම පුලුවන්ද? ඔව් එහෙම පුලුවන්. ලිනක්ස් වලදිත් IDM හෙවත්  Internet Download Manager ගෙන් වැඩගන්න. ඒවිතරක් නෙවෙයි වින්ඩෝස් වලට සාපේක්ෂව IDM  ලිනක්ස් තුළදී වඩා වැඩි වේගයකින් ඕනෑම දෙයක් Download කරල දෙනවා. ( කොහොමත් වින්ඩෝස් වලට සාපේක්ෂව ලිනක්ස් තුළදී Net speed   වැඩියි. ) මෙහෙමයි ලිනක්ස් වලදි  IDM ව හීලෑ කරගන්නෙ.

මේක හරියන්නෙ IDM 5.05 සංස්කරණය සඳහා විතරයි. නමුත් Download Speed එකට සංස්කරණය මොකක්ද කියන එක අදාළ වෙන්නෙ නෑ..Wine කියන බළළා මගින් තමයි අපි  IDM  කියන කොස්ඇටේ බාවන්න යන්නෙ. ( මේක කරන්න කලින් Wine ස්ථාපනය කරන්න ) ඒ කියන්නෙ අපි IDM Install කරන්නෙ Wine මත. 

                 Download ------->   IDM 5.05 

     01. ඉහත Link එකෙන්  බා ගත්ත IDM 5.05.exe එක මත Right Click කරන්න.

     දැන්  Open With -------> Wine Windows Programe Loader


     සාමාන්‍ය විදිහට වින්ඩෝස් වලදි කරනව වගේ IDM 5.05 Install කරන්න.

02.  දැන් අපේ ගණුදෙනුව තියෙන්නෙ Firefox එක්ක.

Firefox බ්‍රවුසරයට මේ Addon එක දා ගන්න. දාල Firefox බ්‍රවුසරය Restart කරන්න.
  
ඉන්පස්සෙ Firefox බ්‍රවුසර් එකේ url address එක ගහනතැන ගහන්න මේ නෝඩ් එක

about:config


මේ වින්ඩෝව ආවම   I’ll be carefull,I promise! Tab එක Click කරන්න.



ඉන් පස්සෙ පහත වින්ෝ එක එයි. වින්ඩෝවෙදි  Search කියනතැන  wine ලෙස ටයිප් කරන්න. මේවගේ  results දෙකක් ඒවි.ඒකෙන්  flashgot.useWine කියල තියෙන Line එකට අදාලව තියෙන   value එක Double Click කරල  true කරන්න. ( පහත වින්වෙ ලෙස සකසන්න ) 


නැවතත් Firefox බ්‍රවුසරය Restart කරන්න.

     03. දැන් කරන්න තියෙන්නෙ flashgot Addon එක Configer කරන්න.පහත රූපයේ පරිදි  

Tools -------> Flashgot -----> More Options 


පහත සැකසුම් සකසන්න.






 Firefox බ්‍රවුසරය තව සැරයක් Restart කරන්න.

 Ok….. සියල්ල සම්පූර්ණයි. දැන් මොනව හරි දෙයක් Download කරල බලන්න.



 මෙන්න IDM ගින්දර වේ ේ වැඩ.......!!!


වැදගත්,

ඩවුන්ෝඩ් වෙන ඒව Save වෙන්නෙ ඔයාගෙ Linux OS එHome ෆෝල්ඩරඇතුලෙ තියෙන Downloads ෝල්ඩරයටයි.

Videos / Mp3 ආදී මීඩියා ෆයිල් බාගැනීමේදී

අදාළ Videos / Mp3 එක Play වෙන්න දෙන්න. ඒ එක්කම මේ වගේ Blinking Icon එකක් දැකගන්න ලැබෙයි. ඒකෙන් ඔයාල කැමති තත්වයක තියෙන ඒවා බාගන්න පුලුවන්.




Updated........
ඉහත ලෙස Download කළ Videos  වල Sound ඇහෙන්නෙ නැතිනම් මේ  Addon  එක දා ගන්න.එතකොට වෙන්නෙ මේ ඇඩෝනයද ආධාර කරගනිමින් IDM මගින් අදාළ Video එක Sound සහිතව Download කර දීමයි.

මේ Addon එක දාගත්තටපස්සෙ අදාළ Video එක යටින් පහත රූපයේ පරිදි  Tab එකක් දකින්න  ලැබෙයි. ඒක Click කරල ඔයාට ඕන කොලිටිය තියන වීඩියෝ එක තෝරන්න. ඉන් පස්යෙ ස්වයංක්‍රියවම ඒක IDM හරහා Download  වෙන්න පටන් ගන්නවා.



ලිනක්ස් වලදි  IDM හෙවත්  Internet Download Manager ගෙන් වැඩගන්න හැටි පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති. මම මේක කලේ Linux Mint 17.3 මත සිටයි. මේ ක්‍රමයම තමයි Ubuntu වලට හා Ubuntu පාදක කරගත් අනෙකුන්  ලිනක්ස් මෙහෙයුම් පද්ධති වලත් IDM ස්ථාපනය හෙවත්  Internet Download Manager  Install කරන්නෙ.මේ ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේව නිවාර්යයෙන්ම.නොතේරෙන දෙයක් තියේනම් අහන්න.ඒවගෙම මේ ගැන ඔයාලගෙ අදහස් එහෙම දැනගන්න මම කැමතියි.


3 comments:

  1. itha wadagath post ekak bro. mekata mama masaganak forum gane rastiyadu wuna.eth harigiye ne.dan supiri widiyata meka weda. thanks bro. digatama karagena yanna.

    ReplyDelete
  2. මේකනම් ලොවෙත්නැති පෝස්ට් එකක් බ්‍රෝ.... සිරාම සිරා..... පට්ට....!!! මට මේක නැතිව ලිනක්ස් එපා වෙලා හිටියෙ. මම මේක දාගත්තා.සුපිරියටම වැඩ.ගොඩක් පිං බ්‍රෝ.....

    ReplyDelete
  3. @Dilan & Harsha
    අදහස් වලට Thankx.

    ReplyDelete