Pages

Apr 18, 2016

Linux Mint සහ Windows අතර දත්ත Share කිරීම || Sharing Data Between Linux Mint & Windows




අද අපි සාකච්ඡා කරන්න යන දේ ගැන කිව්වොත්, අද අපි කරන්නෙ Linux Mint මත Virtualbox ආධාර කරගෙන Windows Xp ස්ථාපනය කරල Linux Mint හා Windows Xp අතර දත්ත/දත්ත ගොණු හුවමාරු ( Share ) කර ගැනීමයි. මම Windows Xp තෝර ගන්න හිතුවෙ ඒක Windows 7/8.1/9/10 වලට වඩා සැහැල්ලු ,අවම පද්ධති අවශ්‍යතා ඇති නමුත් ඒ ඔක්කොටම වඩා හොද මෙහෙයුම් පද්ධතියක් නිසයි. තවත් දෙයක් , මම මේක කලේ Linux Mint Cinnamon 17.3 Rosa සංස්කරණය Host OS ලෙස භාවිතා කරලයි. ඒකට හේතුව තමයි දැනට තියෙන හොඳම Linux Mint සංස්කරණය ඒක නිසාවෙන් වීමයි.


හරි එහෙමනම් අපි වැඩේ පටන් ගනිමු.


01. පියවර

අපි මුලින්ම අපේ Linux Mint මෙහෙයුම් පද්ධතියට Virtualbox ස්ථාපනය කරමු. දැනටමත් ඔයාල Virtualbox දාගෙන නම් මේ පියවර කරන්න ඕන වෙන්නෙ නෑ.


* Software Manager එක මගින් නම්,


Menu -----→ Software Manager


Search කරන්න virtualbox ලෙස.


Virtualboxnonfree යන්න Click කර එය ස්ථාපනය කරන්න.

                                       ( පිංතූර අපැහැදිලි නම් ඒ මත Click කර විශාල කර බලන්න )




02. පියවර

අපේ virtualbox එකේ settings වලට ගිහින් බලනන මේ විදියට සැකසුම් වෙලා තියෙනවද කියල.එහෙම නැතිනම් මේ විදියට සැකසුම් හදන්න.


03. පියවර



04. පියවර

Windows Xp පද්ධතිය පණගන්වා Windows Xp වල මේ Settings ටික හදන්න.

Start -------> Control Pannel -------> Network and Internet Connections --------> Network Connections





පහත පියවරේ දී ඔයාලට කැමති Computer Descriptionඑකක් දෙන්න.




පහත පියවරේ දී Yes දෙන්න. එවිට Windows Xp Restart වේවි.



05. පියවර

Command Frompt එක Open කර මේ විධානය දෙන්න.


Ping 10.0.2.2

එවිට මේ වගේ Result එකක් ලැබේවි



ඉන් පසු Windows Xp Shutdown කර Virtualbox එක Close කරන්න.


06. පියවර

Linux Mint වල Terminal එකේ මේ විධානය දෙන්න.


Sudo apt-get install samba libpam-smbpass


samba libpam-smbpass ස්ථාපනය අවසන් වූ පසු Terminal එකෙන් Exit වෙන්න.


07. පියවර

දැන් Linux Mint වල Home ෆෝල්ඩරය වෙත යන්න.එහි අළුතින් ෆෝල්ඩරයක් සාදා එය 

 vbox-share 


ලෙස Rename කරන්න.



08. පියවර

අළුතින් සාදා ගත් vbox-share මත Right Click කර sharing options තෝරා ඉන් ලැබෙන මෙනුවේ share ටැබ් එක යටතේ ඇති පහත සැකසුම් සකසන්න.


Create Share දෙන්න.එවිට මෙම පණිවිඩය දිස් වේවි. එවිට පහත රූපයේ පරිදි Add the Permissions automatically දෙන්න.


අපේ වැඩේ හරිගියානම් vbox-share ෆෝල්ඩරය මේ වගේ පෙනේවි.


09. පියවර

මේ පියවරේදී අපිට අපේ Virtualbox එකේ ස්ථාපනය කරපු Windows Xp යලි පණගන්වන්න වෙනවා.
Start -------→ Run ගිහිං ටයිප් කරන්න මෙහෙම
\\10.0.2.2\

( මේ ඇවිල්ල අපි Virtualbox එකේ Install කළ Windows Xp වල Default Gateway එක )



ටයිප් කරල Enter කරන්න.


 දැන් මේ වින්ඩෝව ලැබේවි


 ඉහත රූපයේ තියෙන vbox-share ෆෝල්ඩරය Right Click කරල Create Shortcut දෙන්න.

එවිට  මේ මැසේජ් එක එයි. ඇවිත් මේ හෑල්ල කියාවි. ඒකට Yes දෙන්න.


දැන් ඔයාලගෙ Windows Xp වල Desktop එකේ ඉහත රූපයේ තියෙන vbox-share ෆෝල්ඩරයේ Shortcut එක හැදිල ඇති.


Ok……. සියළු කටයුතු සම්පූර්ණයි. දැන් ඔයාලට පුලුවන් ඔයාලගෙ Linux Mint සහ Windows Xp අතර දත්ත ( Files,Folders,Videos,Music,ete) ඕන දෙයක් මේ අපි හදාපු vbox-share ෆෝල්ඩර මගින් හුවමාරු කරගන්න.
 
උදාහරණයක් විදියට කරන්න තියෙන්නෙ ඔයාලගෙ Host Os එක ඒ කියන්නෙ Linux Mint වල තියෙන Video එකක් Windows Xp වල KM Player එකෙන් වගේ බලන්න ඕන නම් කරන්න තියෙන්නෙ,

Linux Mint වල තියෙන Video එක Linux Mint වල Home ෆෝඩරයේ ඇති vbox-share ෆෝඩරයට දාල ඒක Windows Xp වල Desktop එකේ ඇති vbox-share Shortcut එක තුලින් අරගෙන බලන එක විතරයි.

ඒ වගෙම තමයි ඔයාලට Xp වලින් එහෙම දාපු දෙයක් Linux Mint වලින් ඒ විදියටම එලියට ගන්න පුලුවන්.

වැදගත්,

ඔයාලගෙ Folder එකක් vbox-share හරහා Share කරනව නම් Linux Mint වල vbox-share වලට Copy කළ Folder එකට Linux Mint මතදී Permission දෙන්න ඕන. ඒක කරන්නෙ ඔයාලගෙ Share කරන්න ඕන Folder එක මත Right Click කර sharing options තෝරා ඉන් ලැබෙන මෙනුවේ share ටැබ් එක යටතේ ඇති සැකසුම්   08 පියවරේ පරිදි සකසන්න.

මම හිතනව ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල.නොතේරුණ තැනක් එහෙම තියේනම් කියන්න.




2 comments:

  1. Linux වල play කරන්න පුලුවන් game ටිකක් දෙන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. Windows ගේම්ස් බොහොමයක්ම Linux වල Play කරන්න පුලුවන්.

      Call of Duty 4,5,MW2,MW3,Black Ops,
      Sniper Ghost Worrior
      Angrybirds
      KillSwitch
      IGI

      වගෙ ගොඩක් Games මම Linux වල Play කළා. Wine ආධාරයෙන් තමයි ඒක කරන්න පුලුවන්. ටිකක් විස්තර ඇතුව අනිත් අයටත් එක්ක Post එකක් කරන්නම් ඉක්මනටම.

      Delete