Pages

Apr 18, 2016

Virtualbox එක මත Windows Xp ස්ථාපනය. || Installing Windows Xp on Virtualbox






අපේ අය දවසින් දවස Linux වලට හුරු වෙන්න උත්සහ ගන්න එක සතුටට කරුණක්.එහෙම අය අතර සමහර අයට තවමත් Windows භාවිතයෙන් මිදෙන්න ටිකක් අමාරු පාටයි වගේ පේන්න තියෙන්නෙ.එකපාරටම Linux වලට හුරු වෙන්න අමාරු වුණත් හුරු වුණාට පස්සෙ තමයි Linux වල වැදගත්කම දැනෙන්න පටන් ගන්නෙ. අපේ Sumudu Priyankara සහෝ ඉල්ලීමක් කරල තිබුණ Windows හා Linux dual boot කරන හැටි කියල දෙන්න කියල. ඒකට කලින් මම හිතුවෙ මේ ලිපිය ලියන්න මොකද Windows හා Linux dual boot කිරීම ටිකක් විතර සංකීර්ණ වැඩක් හින්දයි. ඒ ලිපිය මම ඉදිරි දවසක දානතුරු ඔයාලට මේක වැදගත් වේවි කියල හිතනව.
මම Windows Xp තෝර ගන්න හිතුවෙ ඒක Windows 7/8.1/9/10 වලට වඩා සැහැල්ලු ,අවම පද්ධති අවශ්‍යතා ඇති නමුත් ඒ ඔක්කොටම වඩා හොද මෙහෙයුම් පද්ධතියක් නිසයි.

හරි……… අපි වැඩේ පටන් ගනිමු.

මේකට ඕන වෙනව Windows Xp bootable ISO එකක්. Bootable CD/Pen ඕන නෑ. ISO Image එකක් Hard Disk එකේ Save කරගත්තනම් ඒ ඇති.

01. පියවර
අපි අපේ Linux Mint මෙහෙයුම් පද්ධතියට Virtualbox ස්ථාපනය කරගන්න ඕන. ඒක පහත  ආකාරයට ලේසියෙන්ම  කරන්න පුලුවන්.

* Software Manager එක මගින් ,
Menu -----→ Software Manager
Search කරන්න virtualbox ලෙස.
Virtualboxnonfree යන්න Click කර එය ස්ථාපනය කරන්න.


02. පියවර
ස්ථාපනය කළ Virtualbox open කර New යන්න Click කර පහත පරිදි තොරතුරු ඇතුලත් කර Next කරන්න.

03. පියවර
නව මෙහෙයුම්  පද්ධතියට අවශ්‍ය Ram මතක ප්‍රමාණය ඇතුලත් කර Next කරන්න. Windows Xp වලට වැඩිය Ram මතක ප්‍රමාණයක් අවශ්‍ය නොවන නිසා මම දුන්නෙ 850 mb.

04. පියවර
මෙහිදී Create a virtual hard disk now යන්න Select කර Next කරන්න.

05. පියවර
Hard Disk File Type පියවරේ දී VMDK ( Virtual Machine Disk ) යන්න Select කර Next කරන්න.

06. පියවර
මෙම පියවරේ දී Fixed Size දී Next කරන්න.

07. පියවර
මෙහි File Size එකට කැමති ප්‍රමාණයක් දෙන්න. මම දුන්නෙ 25 Gb. ඔයාල D පාටිෂන් එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවනම් මෙ අගය ටිකක් වැඩිපුර දෙන්න. ඉන් පස්සෙ Create දෙන්න.

08. Virtual Hard Disk එක Creat වෙන්න ටික වේලාවක් ගත වෙනව. එතකල් ටිකක් බලාගෙන ඉන්න වෙනවා.

09. මේ රූපයේ ආකාරයට Start කරන්න.

10. මේ පිංතූරයේ රතු පාටින් සළකුණු කරල තියෙන Tab එකෙන් අර අපි කලින් Save කරල තියා ගත්තු Windows Xp bootable ISO Image එක හොයල දෙන්න. දීල Start ටැබ් එක Click කරන්න.

 ඉන් පස්සෙ Windows Xp ස්ථාපනය වීම ආරම්භ වෙන්න පටන් ගන්නවා. මෙතතැන් පටන් සාමාන්‍ය ආකාරයට ස්ථාපනය දිගටමකරගෙන යන්න.













No comments:

Post a Comment