Pages

Apr 14, 2016

ලිනක්ස් වලට System Tuneup එකක් || a System Tuneup for Linux






Windows භාවිතා කරන අය අතරේ මෙහෙයුම් පද්ධතියෙ අනවශ්‍ය දත්ත ඉවත් කරන්න භාවිතා කරන ජනප්‍රිය System Tuneup වැඩසටහන් කිහිපයක් තියෙනව. AVG System Tuneup,CCleaner ඒ අතර ප්‍රධානයි.

එතකොට ලිනක්ස් වලට මේව ඕන නැද්ද?
 
ඕන. ඒත් ඒකට මේව හරියන්නෙ නෑ. Linux කියන්නෙ Windows වලට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න තාක්ෂණයක් තියෙන මෙහෙයුම් පද්ධතියක්.අනෙක ලිනක්ස් වලට මෙව ස්ථාපනය කලා කියල ඇති වැඩකුත් නෑ. ඒ හින්ද අපි ලිනක්ස් වලට ස්ථාපනය කළ යුත්තෙ ඒයට ගැලපෙන,ඒ වෙනුවෙන්ම නිපදවූ එකක්. ඒ සඳහා ලෝකයේ ලිනක්ස් භාවිතා කරන්නන් අතර වඩාත්ම ජනප්‍රියම පද්ධති පිරිසිඳු කිරීමේ වැඩසටහන තමයි Bleachbit කියන්නෙ
 
Bleachbit හදපු උදවිය ඒකෙ වැඩකිඩ ගැන විස්තර කරන්නෙ මේ විදියටයි.
 
BleachBit quickly frees disk space and tirelessly guards your privacy. Free cache, delete cookies, clear Internet history, shred temporary files, delete logs, and discard junk you didn't know was there. Designed for Linux and Windows systems, it wipes clean a thousand applications including Firefox, Internet Explorer, Adobe Flash, Google Chrome, Opera, Safari,and more. Beyond simply deleting files, BleachBit includes advanced features such as shredding files to prevent recovery, wiping free disk space to hide traces of files deleted by other applications, and vacuuming Firefox to make it faster. Better than free, BleachBit is open source.

එතකොට කොහොමද අපි මේක Install කරගන්නෙ? 

01. Software Manager එක හරහා

 Software Manager එක Open කරන්න.

Menu --------> Software Manager


Software Manager එක Open වූ පසු bleachbit ලෙස Search කර Install කර ගන්න.


02. Terminal එක මගින් ස්ථාපනය කරනව නම්,

Terminal එක Open කරල මේ විධානය දෙන්න.

sudo apt-get install bleachbit
 
OK......
 
Bleachbit ඔයාලගෙ ලිනක්ස් පද්ධතියට සාර්ථකව ස්ථාපනය වෙලා ඇති.
 


ඉහත රූපයේ තියෙන්නෙ Bleachbit අතුරු මුහුණතයි. කරන්න තියෙන්නෙ ඔයාලට අවශ්‍ය කරන දේවල් ඉදිරියේ තියෙන කොටුව ටික් කරල Cleen දෙන්න විතරයි.ඔයාට ඕන විදියට වැඩටික වෙයි.






No comments:

Post a Comment