Pages

Apr 13, 2016

ෆිල්ම් බලන්න හොඳම Player එක || The Best Media Player for Linux






මේ දවස්වල හැමෝම වගේ අවුරුදු නිවාඩුව ගත කරනව ඇති නේ ? හොඳයි...... සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව ඔයාල හැමෝටම.

අපි බොහොමයක් දෙනෙක්  කැමතියිනෙ ෆිල්ම්ස් බලන්න.අද කතා කරන්න යන්නෙ ලිනක්ස් පාවිච්චි කරන,ලිනක්ස් System වලින් ෆිල්ම්ස් බලන අයට වැදගත්වෙන දෙයක් ගැනයි.

ලිනක්ස් පාවිච්චි කරන අපි සිංහල උපසිරැසි එක්ක ෆිල්ම්ස් බලන්න ගියාම පෙඩි පොඩි ගැටළු කීපයකට මූණ දෙන්න වෙනව. ඒව අතර ප්‍රධාන එකක් තමයි ෆිල්ම් එක ධාවනය වන අතරෙ සිංහල උපසිරැසි ධාවනය වෙන්නෙ අකුරු වල විකෘතිතා සහිතව.VLC Player හා Sm Player වවගෙම අනෙකුත් මීඩියා ප්ලේයර් දා ගත්තත් ඒ සන්තෑසියම තමයි.අද මම කියන්න යන්නෙ ඒ කරදරේ නැත්තටම නැති කරගන්න විදිහක් ගැනයි.

අපි Linux Mint මෙහෙයුම් පද්ධතිය Install කරනවිට ඒ සමඟම අපට ලැබෙන Media Player එක තමයි Totem Player එක.ගොඩ දෙනෙක් මේකට කැමති නැති නිසා ඒක අයින් කරල දානව.තවදුරටත් ඒ වැඩේ කරන්න එපා.ඒක තමයි සිංහල උපසිරැසි එක්ක ෆිල්ම්බලන අපේ ගැලවුම්කරුවා වෙන්නෙ.ඒක අපිට ඕන විදියට සකස් කරගන්නයි ඕන.

මුලින්න බලන්න Totem Player එක ඔයාලගෙ පද්ධතියෙ තියෙනවද කියල.මම මෙහෙම කිව්වෙ අපේ සමහර අය දැනටමත් ඒක අයින් කරල දාල ඇති කියල හිතෙන නිසයි.Totem Player එක අපේ පද්ධතියෙ පෙන්නන්නෙ 'Totem Player' නමින් නෙවෙයි. " Videos " ලෙසයි. මේ තියෙන්නෙ.




 Totem Player එක ඔයාලගෙ පද්ධතියෙ නැතිනම් ඒන දාගන්න වෙනව. මෙන්න ඒක කරන සරලම විදිය.

Software Manager එක Open කරල search කරන්න totem ලෙස. පහත දක්වල තියෙන ආකාරයට ඒක Install කර ගන්න.



Ok..... දැන් අපි ඕන විදියට  Totem Player එක සකස් කරමු.

01. Totem Player එක Open කරන්න.




02. Edit --------> Perferences




03. General Tab




04. Encoding කියන තැනට UTF-8 ලෙස දෙන්න.








05.Font කියන තැනට දෙන්න ඔයාලට උපසිරැසි බලන්න කැමති සිංහල Font එකක්.




 Klug තමයි තියෙන්නෙ.




කැමතිනම්  Klug තේරගන්න එත් ඒක ලස්සන Font එකක් නෙවෙයි. Malithiweb තමයි ලස්සනම. ඒක තවම ඔයාල දාගෙන නැත්නම් මේ ආකාරයට Malithiweb දා ගන්න. 

දාගෙන ඉවරවුනාට පස්සෙ

Malithiweb තොරල දෙන්න.




06. General Tab එකේ තියෙන Load subtitle files when Movie is Loaded යන එක තෝරන්න. ඔක්කොම හරිනම් මේ විදිහයි.




07.මේ තියෙන්නෙ සුපිරියට.......









2 comments: