Pages

Feb 8, 2016

Linux මෙහෙයුම් පද්ධති || About Linux Systems




Linux මෙහෙයුම් පද්ධති ගැන දැනටමත් යාල දන්නවත් ඇති.දවසින් දවස හැමදේම වෙනස් වෙනවා.ඩිජිටල් තාක්ෂණයත් දැන් අපේ ජීවිතයේ කොටසක් බවට පත්වෙලා.අපි බොහොමයක් දෙනෙකුගෙ ජීවිතේ බොහෝ කලයක් දැන් ගෙවෙන්නෙ Smart Phones, Smart Tab,
Lap/Pc එක්ක තමයි.ඒ අතරතුර අපි අපේ නිදහස උපරිම ලෙස භුක්ති විඳින්නයි උත්සහ ගන්නෙ. සීමා මායිම් නැති නිදහසකට අපි කවුරුත් කැමතියි. මේ නිදහස තවත් ආකාරයකට විඳින්නඔයාලත් කැමති ඇති නේද?

Windows Xp/Vista/7/8/8.1/9/10

කතා දෙකක් නෑ........ මේව තමයි අපිට ඉතා සමීප පරිගණක මෙහෙයුම් පද්ධති වෙන්නෙ. වින්ඩෝස් කියන්නෙ ඉතා හොඳ මෙහෙයුම් පද්ධතියක්. ඒ වගෙම තමයි අපි එදිනෙදා වැඩ කරගන්න පුරුදු වෙලා ඉන්නෙත් Windows වලින්ම තමයි. එදා ඉඳන් අද දක්වාම අපට දැක්වූ සහාය වෙනුවෙන් Windowsවෙත මගේ ප්රණාමය දක්වනවා. අපි වින්ඩෝස්  පාවිච්චි කරන්නෙ,
  •  දිගු කලක පටන් අපිට හුරු පුරුදු පරිගණක මෙහෙයුම් පද්ධතිය වීම.
  •  එම නිසා එයට අප තුළ ඇති ඇබ්බැහිය.
  • ඕනෑමජාතියේ වැඩකට සුදුසු වීම.
  • මේ සඳහා සහාය දක්වන මෘදුකාංග රාශියක් මිළ දී ගැනීමේ පහසුකම.
  • බොහෝ දෙනෙකු භාවිතා කිරීම.
ආදී මේ වගේ කාරණා  නිසා.

ඒත් ඒ දේවල් අතර මේ වගේ දේවලුත් වෙනවා...........
  • Windowsමෙහෙයුම් පද්ධති මිළ දී ගැනීම සඳහා සෑහෙන මුදලක් වැය වීම.
  • ඒ නිසාම බොහෝ දෙනෙක් නීත්‍යානුකූල නොවන පිටපත් භාවිතයට යොමු වීම.  (ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දුප්පත් රටවල් වල අය පාවිච්චි කරන්නෙ Crack,Activator මගින් සක්රීය කරගත් වින්ඩෝස් කොපි. හරි සිංහලෙන් කිව්වොත් හොර කොපි.)
  • පරිගණකයේ ආරක්ෂාව සඳහා අමතරව මිල දී ගත යුතු Antivirus සොෆ්ට්වෙයාර් එකක් ස්ථාපනය කළ යුතු වීම.
  • ඉහත කී ප්‍රති වෛරස වැඩසටහන නිරතුරු යාවත් කාලීන කළයුතු මෙන්ම එසේ යාවත් කාලීන කළද ප්‍රබල වෛරස් හමුවේ එහි ආරක්ෂාව රහිත වීමේ අවධානම.
  • වසරක් පාසා හෝ නිකුත් කරන වින්ඩෝස් නව සංස්කරණ සඳහා ගැළපෙන ලෙස පරිගණකය Upgrade කිරීමට සිදු වීම.
  • මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කළ පසු එයට ගැළපෙන Drivers  සොයමින් සෑහෙන කට්ටක් කෑමට සිදුවීම.
  • නීති විරෝධී ලෙස සක්රීය කරගත් වින්ඩෝස්  සංස්කරණ යාවත් කාලීන කිරීමේ දී ඒ සමඟ පරිගණකයට හානිදායක Updates ද ඇතුළු කරවීමට ඇති හැකියාව.
  • සමහර වින්ඩෝස්  bugs උපයෝගී කර ගැනීමෙන් වෙනත් පාර්ශව වලට ඔබේ පරිගණකය හැසිරවීමේ ඇති හැකියාව
  • පරිගණකයේ නොගැලපීම් හා ගැටුම් නිසා දේෂ පණිවිඩ දිස් වීම.
  • සමහර අවස්ථා වල අධි මතක/Data පරිභෝජන තත්වයන් පෙන්නුම් කිරීම.
මේ විදිහට බලනකොට වින්ඩෝස් වල අවුලක් තියනව කියල දැනෙන්න පටන් ගන්නව. මේකට තව විකල්ප එහෙම තියෙනවදතියෙනවා. ඇයි Mac Os ? ඕකට ඇපල් පරිගණකයක් ගන්න ඕනැ. තව Mac Os එක? ඒවට වියදමක් යනවනේ. ඒක හරියන්නෑ........ එහෙම නම් තව විකල්පයකට යන්න වෙනවා. ඇයි Linux ? ඔව් Linux  තමයි දැනට ලෝකෙ තියෙන හොඳම මිළට දෙන පරිගණක මෙහෙයුම් පද්ධතිය. ඒකියන්නෙ 100% Free
බලමු Linux වල තියෙන වාසි මොනවද කියලා.
  • 100% නොමිලේ.
  • Virus Guard උවමනා නැත. මේ සඳහා නිර්මාණය කළ වෛරස් නොමැති තරම්. වෛරසයක් ක්‍රියාත්මක වීමටද Root ගේ ( සුපිරි පරිශීලක/Administrator/ Super User ) අවසරය උවමනායි. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ.
  • Windows මෘදුකාංග ද භාවිතා කළ හැකි පරිදි සැකසිය හැකියි.
  •  ඒ වගෙම තව Linux වෙනුවෙන්ම සැකසුණු මෘදුකාංග නොමිලේම ඇති පදං .
  • 100% නීත්යානුකූලයි. හොර කොපි පාවිච්චි කරලා තව දුරටත් හොරු වෙන්න ඕන නෑ.
  • අවම පද්ධති අවශයතාව. ( ඒ කියන්නෙ ධාරිතාව අඩු පරණ පරිගණක වලද Linux මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න පුළුවන්. )
  •  Drivers හොය හොයා කරදර වෙන්න ඕන නෑ. ( දෘඩාංග ඉබේ හඳුනා ගන්නවා.)
  • සිත්ගන්නා අතුරු මුහුණත.
තව ගොඩක් වාසි තියෙනවා. පාව්ච්චි කරන්න ගන්න පටන් ගත්තට පස්සෙ ඔයාලට තේරෙයි මේකෙ රහ. ඒ රහ දැනුන දා පටං මම පාවිච්චි කරන්නෙ Linux. හරියටම කියනව නං Linux Mint . මටනං දැනට තියෙන ලස්සනම Linux Distro එක.ඉතිං අපි කතා කරන්න යන්නෙ ලිනක්ස් මින්ට් වලට පුරුදු වෙලා වැඩකරන්නෙ කොහොමද කියල. 

Linux Mint කියන්නෙ Ubuntu පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ඒක නිසා අපි  Linux Mint ගැන කතා කරන දේවල් Ubuntu වලට වගේම Ubuntu පාදක කරගත් අනෙකුත් Linux මෙහෙයුම් පද්ධති වලටත් අදාළයි. එහෙනම් සූදානම් වෙන්න.....  Linux මිහිර සිත් සේ විඳ ගන්න.........!!!





No comments:

Post a Comment