Pages

Feb 17, 2016

Linux Mint මත Wine ස්ථාපනය || Installing Wine on Linux Mint






Linux මෙහෙයුම් පද්ධති වලට ඕනකරන මෘදුකාංග නොමිලේම Software Manager / Terminal එක  මගින් හෝ ලබා ගැනීමේ පහසුකම තියෙනවා. එහෙත් Linux වලට නවක අයට තවමත් Windows Softwares වලට ඇති ඇබ්බැහියෙන් ඈත් වෙන එක අමාරු  වැඩක් වෙලා තියෙන්න  පුලුවන්. ඒ අය වෙනුවෙන් තමයි Windows Softwares ලිනක්ස් මත ස්ථාපිත කිරීමේ ක්‍රම හඳුන්වා දීල තියෙන්නෙ. මේ ක්‍රම වලින් වඩා සාර්ථක ක්‍රමයක් තමයි Wine වැඩසටහන හරහා අපට ඕන කරන  Windows Softwares අපි පාවිච්චි කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත ස්ථාපනය කරවීම. බොහොමයක් වින්ඩෝස් සඳහා වූ සොෆ්ට්වෙයා ප්‍රමාණයක් Wine වැඩසටහනට සහාය දක්වනවා. ලිනක්ස් මත වින්ඩෝස් මෘදුකාංග ස්ථාපනය මගින් අපි කැමතිම මෘදුකාංග සමඟ හැමදාටම වැඩකරන්න පුලුවන් වීම කොච්චර දෙයක්ද
අපි පාවිච්චි කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත Wine ස්ථාපනය කරන හැටි බලමු. මම මේ ක කලේ Linux Mint Cinnaman වල සිටයි. මේ ක්‍රමය ලිනක්ස් මින්ට්, උබුන්ටු හා උබුන්ටු පාදක කොටගත් අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහාත් අදාළයි. අපි කාටත් ලේසි ක්‍රමය වන  Software Manager හරහා මේක කරමු.

     01.  Software Manage Open කරගන්න.



     02.  මේ රූපයේ පරිදි Wine ලෙස සර්ච් කරන්න.


     03. ලැබෙන ප්‍රතිඵළයේ තියෙන ,මම සළකුණු කරල තියෙන මේ Apps ඔක්කොම ටික එකින් එක ස්ථාපනය කරන්න.

     04.  Ok….  දැන්  Menu ---------> Wine -------->  Configer Wine

මෙවගේ වින්ඩෝවක්  දැකගන්න ලැබෙයි.




ඉන් පස්සෙ මේ වගේ එකක්. ඒකියන්නෙ අපේ වැඩේ ඉවරයි. Wine සූදානම්.
ඒත් කොහොමද Wine මගින් වින්ඩෝස් මෘදුකාංග ස්ථාපනය කරන්නෙ?

මෙහෙමයි..... ඔයාලට Install කරන්න අවශ්‍ය කරන .exe  File එක Right Click කරල Load Programe with Wine දෙන්න.

.exe ( Your Software ) { Right Click } ----------> Open With ----------> Wine Windows Programe Loader


උදාහරණ ලෙස අපි Wine මත Foxit Reader Install කරමු.




වින්ඩෝස් වල සාමාන්‍ය විදිහට Install වෙනව වගේ ගින්දර ටිකට වැඩේ වෙයි. 



 Desktop  එකේ shortcut තුනක් විතර  එහෙම හැදිලත් ඇති. නියම shortcut එක තියෙද්දි අනෙක් දෙක මකල දාන්න. 

ඒ වගෙම ඔයාලගෙ Software එක Install වුන ඩිරෙක්ටරියට රිංගන්න එහෙම ඕනවුනොත්  මේ තියෙන්නනෙ. Browse C: Drive


හිතනව ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මත Wine ස්ථාපනය කරන හැටි ගැන අදහසක් ලැබෙන්න ඇති කියල. බෙහොමයක් වින්ඩෝස් සොෆ්ට්වෙයා ප්‍රමාණයක් මීට සහාය දක්වනවා.මම Terminal එක හරහා මේක කරන්න ගියෙ නැත්තෙ ලිනක්ස් වලට අලුත් අය ගැන හිතල. ගැටලු එහෙම තියෙනවනම් Comment කරන්න.

5 comments:

  1. Terminal eken karana widiya danna puluwannam danne nati ayata balanna.

    ReplyDelete
    Replies
    1. ok....Bro. මින් ඉදිරියට මම ඒක කරන්නම්.

      Delete
  2. Kali Linux version eka gana mokada hitanne.?Mint eka 30 MB wage podi ekakne.

    ReplyDelete
    Replies
    1. ඔයා අදහස් කලේ Linux Mint Os එක ගැනද bro.....? Linux Mint Os DVD එක 1.4Gb විතර වෙනවා.Kali 3.1Gb විතර වෙනවා. මම මීට කලින් ඒක use කලා.but....මගෙ හිතට අල්ලලා ගියෙ නෑ.Kali හොඳ Hacking වලට.ඒවගෙම තමයි මම Hacking වලට වැඩිය කැමති නෑ.පොඩි පොඩි ආතල් ගන්නෙ මොකටද හිතට එකඟ නැති වැඩ කරලා.ඒකයි.......

      Delete
  3. Poker | Play Online Poker, No Registration | Get the
    Play online poker, no registration, and get a 제왕 카지노 bonus for your favorite casino games! 메리트카지노 Play poker online with friends, earn rewards points, and win 바카라 cash prizes!

    ReplyDelete