Pages

Feb 10, 2016

Linux Mint Install කරන්නෙ මෙහෙමයි || How to Install Linux Mint








Linuxවලට ආධුනික අයට වඩාත්ම සුදුසු  Linux OS එක තමයි  Linux Mint.  සරළ බව‚ User Friendly ‚  ස්ථාපනයේ පහසු බවඒ වගෙම තමයි වේගයෙන් ජනප්‍රිය වීම  ආදී හේතු සාධක නිසා ලෝකයේ බොහෝ දෙනෙකුගේ ප්‍රියතLinuxඩිස්ට්රෝව බවට පත් වෙමින් තිබෙනවා.තවත් කරුණක් තමයි අපි  කවුරුත් සිංහල අකුරු ටයිප් කරන්න භාවිතා කරන විජේසේකර යතුරු පුවරු කිසි කරදරයක් නැතිව ස්ථාපනය කළ හැකි වීමයි. Ubuntu 14.x.x සංස්කරණවල  විජේසේකර යතුරු පුවරුව සාර්ථකව ස්ථාපනය කරගත නොහැකි තත්වයක් උද්ගත උනත් Linux Mintවල හොඳට වැඩකරනවා. Linux Mint Install කර වින්ඩෝස් වලට වඩා සුපිරි විදිහට  Linux Mint හැඩගස්වා ගන්න හැටි ඔයාලට කියල දෙන්නත් අපි ඉදිරියේදී කටයුතු කරනවා.

Linux Mint කියන්නෙ Ubuntu පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ඒක නිසා අපි Linux Mint ගැන කතා කරන දේවල් Ubuntu වලට වගේම Ubuntu පාදක කරගත් අනෙකුත් මෙහෙයුම් පද්ධති වලටත් අදාළයි.

පළමුවෙන්ම  අපි බලමු  Linux Mintවලට අවශ්‍ය System requirements:

512MB RAM (1GB recommended for a comfortable usage).
9GB of disk space (20GB recommended).
Graphics card capable of 800×600 resolution (1024×768 recommended).
DVD drive or USB port.


ඉහත තියෙන්නෙ අලුත්ම Linux Mint 17.3 Cinnaman Rosa Edition  32 bit එකේ System requirements. මම පුද්ගලිකව කැමති Cinnaman එකට. ඒ වුනාට ඔයාලට කැමති සංස්කරණයන් තෝරගන්න හැකියාව තියෙනවා. ඔයාලට අවශ්  Linux Mint 17.3 Bootable ISO DVD එක  Download කරනකොට Cdecs සහිත ISO DVD එක ගන්නවනම් හොඳයි. එතකොට OS එක Install කරල ඉවර උන ගමන් Update නොකරම සිංදු අහන්න වීඩියෝ බලන්න පුලුවන්
 



උදා: ඉහළ පෙන්නල තියෙන්නෙ Cdecs සහිත ISO Image එකක්.


Linux Mint 17.3 Bootable ISO DVD එකක් ගන්න මෙතැනින්.


හොඳයි.......... අපි දැන් බලමු කොමද ඔයාලගෙ පරිගණකයට   Linux Mintස්ථාපනය කරගන්නෙ කියල.

01. Download කරල Burn කරගත්ත DVD එකෙන් පරිගණකය Boot කරන්න.
  
02. ටිකකින් මේ වගේ එකක් ඒවි. Install linux Mint කියල තියෙන Icon එක Double Click කරන්න.

 
 



03. Language English දීල Continue  කරන්න.

 



04. Continue

 



05. Something Else තෝරල Continue කරන්

 



 06. New Partotion Table Click කරන්න.





07. Continue

 


දැන් අපි අපේ Hard Disk  එක Partition කරන්නයි යන්නෙ. සාමාන්යයන් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් සඳ හා පාටිෂන් 03 ක් ඕන. ඒ තමයි.


·         Swap Partition
·         System Partition
·         Home Partition

හදමු එහෙමනම්.

Swap Partition

Free Space  හයිලයිට් කරල + tab එක Click කරන්න.



 



දැන් මේ විදිහට සකසන්න.



Size වල අගය තීරණය කරන්නෙ මෙහෙමයි. ඔයාලගෙ පරිගණකයේ Ram එකේ අගයට වඩා ටිකක් වැඩියෙන් දෙන්න ඕන. උදාහරණයක් වශයෙන් ඔයාලගෙ පරිගණකයේ Ram එක 1Gb නම් 1280Mb වගේ දෙන්න. Ram එක 2Gb නම් 2560Mb වගේ දෙන්න.

1024 Mb + 256 Mb = 1280 Mb
2048 Mb + 512 Mb = 2560 Mb   

අන්න ඒ වගේ. සේරම හරි නම්  Ok  කරන්න.



 




System Partition

දැන් ආයෙත් Free Space  හයිලයිට් කරල + tab එක Click කරන්න. පහත පරිදි සැකසුම් කරන්න.

Size වල අගය  විදිහට 20 Gb  හොඳටම ප්රමාණවත්. වින්ඩෝස් වල වගේ නෙවේ. විශාල ධාරිතාවක් ඕන නෑ. ඒ ඇයි කියල මීලඟ පෝස්ට් එකකදි කියල දෙන්නම්.



 




Home Partition

ආයෙමත් Free Space  හයිලයිට් කරල + tab එක Click කරන්න. ඉතිරිවෙලා තියෙන ඔක්කොම ඉඩ ප්රමාණයම  Home Partition එක සඳහා පාවිච්චි කරන්න.



 



දැන් අපි පාටිෂන් ටික සකසල ඉවරයි. එහෙමනම් පහළ Install Now කියල  තියෙන tab එක  Click කරන්න. එතකොට පහත වින්ඩෝව ඒවි. මෙතනදී ඔයාලට මේ ලෝක සිතියම මත අපේ ශ්‍රී ලංකාව තියෙන තැන Click කරල  Continue කරන්න පුලුවන්.



 


පහත ලෙස සකසන්න. ඕන නම් මේව පස්සෙ වෙනස් කරගන්න පුලුවන්. ඒක නිසා ගැටලුවක් නෑ.

Continue කරලා මීලඟ පියවරට යන්න



 


මෙ පියවරේ දී අපි අපේ User Name එක හා Password එක ඇතුල් කරන්න ඕන. වගෙම තමයි මේ දුන්න ඒව මතක තියාගන්න ඕන. නැතිනම් අපිට System එකට Log වෙන්න බෑ. මේ කොටස සම්පූර්ණ කලා නම් 
Continue කරන්න.


 

දැන් ඔන්න ෆයිල් කොපි වෙමින් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් වෙලා ඉන්න වෙනව මේක වෙලා ඉවර වෙනකම්.


 

ස්ථාපනය අවසන් උනාට පස්සෙ මෙහෙම පණිවිඩයක් එනවා. Restart Now Click කරන්න. එතකොට පරිගණකය Restart  වෙනව.

 





මේවගෙ Screen එකක් ලැබෙයි. ඔය dummyDummyවෙනුවට ඔයාලගෙ තිරයෙ දිස් වෙන්නෙ ඔයාල ඔයාලගෙ පරිගණකයට  දුන්න නම. ඔයාලගෙ තිරයෙ තියෙන Simple අකුරු  වලින් පටන්ගන්න නම Click කරන්න.




දැන් ඔයාලට දකින්න ලැබෙන්නෙ මේ වගේ  Screen එකක්. ඔයාල ඔයාලගෙ System එකට  දීපු Password එක මෙතන ටයිප් කරල  Linux Mint වෙත ලොග් වෙන්න.







Linux Mint Install කරල අවසානයි. ොඩි System Tour එකක් දාල බලන්නො.





10 comments:

  1. ubuntu install කරන්නත් මේ විදියට පුලුවන්ද? ubuntu පාටිෂන් එහෙමත් මේකමද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. මේ විදිහම තමයි.

      Delete
  2. MACHA WINDOWS EKKA DUAL BOOT KARANA VIDIHA DAPANKO

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ok.....bro.මම ඒ ගැන ලිපියක් දාන්නම් ඉක්මනටම.

      Delete
  4. bro fedora wala terminal eke java kiyl type klm java thiynkot ena ewm enw(java install kale nm nee) javac command ek dunnat compile wenne nee,y???????($PATH dunnamth java/bin kiyl enneee)

    ReplyDelete
    Replies
    1. Bro...... ඒ Screenshots ටික එවන්න පුලුවන්ද?
      sathyajithk@mail.com

      Delete
  5. machan linux nam damma..video baladdi poddi iri wage yanewane..drivers aran naa wage..?intel g31 chip set akak tiyenne..drivers danne kohomada ban..?

    ReplyDelete
    Replies
    1. System Update කරන්න Bro..... ඒ කරලා Driver manager වලින් Drivers Check කරලා ඒව Install කරන්න. Graphic Card Drivers install කරද්දි recommended කියන ඒව Select කරල දෙන්න.

      Delete