Pages

Mar 7, 2016

ටොරන්ට් බාන්න හොඳම එක || The Best Torrent Client for Linux






Films, Games, ISO වැනි වඩා විශාල Files ඩව්න්ලෝඩ් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි Torrent වශයෙන් ඩවුන්ලෝඩ් කරන එක. Torrent Direct Download කරන්න ක්‍රම තිබුණත් ඒවට වඩා සුදුසුම ක්‍රමය Torrent Client Software එකක් හරහාම Download කරන එක කියනඑක තමයි මගේ පුද්ගලික අදහස. ඒ මොකද කියනවනම් කවුරුහරි අපි වෙනුවෙන් Upload කරපු Torrent එකක් බාගෙන Hit & Run පාරක් දීල මාරුවෙලා යනවනම් ඒක සවුත්තු වැඩක් වෙන හින්දයි. ඒ නිසා අපේ යුතුකම වෙන්නෙ අපි බාපු එහෙව් Torrent එකක් තව කාටහරි බා ගන්න Seed කරන එකනෙ.

Torrent බා ගන්න විවිධ Torrent වැඩසටහන් තියෙනවා. Utorrent, Bittorrent, Vuze, Deluge, ආදී විවිධ ඒව තිබුණත් Linux පාවිච්චි කරන මටනම් හිතට අල්ලලගියෙ qBittorrent විතරමයි. qBittorrent කියන්නෙ ඉතා සුන්දර අතුරු මුහුණතක් තියෙන Torrent Client වැඩසටහනක්. ඒ වගෙම තමයි අනෙක් Torrent වැඩ සටහන් වලට නැති සුවිශේෂී ගුණාංග ද එය සතුයි.

උදාහරණයක් ලෙස ගත්තොත් ඩවුන්ලෝඩ් වෙමින් පවතින ටොරන්ට් එකක Upload Speed එක අපි යම් අගයකට Limit කළත් සමහර Peers ල ඉන්නව හෙනගහන්නා වගේ විශාල Upload Data ප්‍රමාණයක් අපෙන් අදින අය. සමහර අවස්ථා වල අපි 700mb ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරල ඉවර වෙනකොට තවත් 500mb විතර අපෙන් Uploads විදිහට ඇදලා. මේ වගෙ අවස්ථා වලට සමහරවිට ඔයාලත් මුහුණ දීල ඇති. qBittorrent වලදි එයාලට මේ සෙල්ලම කරන්න හැකියාවක් නෑ. ඒ කියන්නෙ මෙයාලවගේ කරදරකාර Peers ල වBan කරල දාන්න qBittorrent වලදි පුලුවන්කම අපට ලැබෙනවා. තවත් කරුණක් තමයි මට දැනුන විදිහට අනෙක් වැඩසටහන් වලට වඩා Download Speed එකත් සාපේක්ෂව ඉහළයි කියන එක.

අපි බලමු කොහොමද මේක අපි පාවිච්චි කරන Linux Os එකට Install කරන්නෙ කියල.ගොඩ දෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් නිසා අපි මේක කරමු Software Manager එක මගින්. මම පාවිච්චි කරන්නෙ Linux Mint නිසා මම දැන් පෙන්වන්න යන්නෙ ලිනක්ස් මින්ට් වල සොෆ්ට්වෙයා මැනේජරය මගින් මේක කරන්නෙ කොහොමද කියල. අනෙකුත් ලිනක්ස් ඩිස්ට්‍රෝ වලදි මේක කරන්නෙත් මේ විදිහටමයි. ඒ නිසා ප්‍රශ්ණයක් ඇතිවෙන්නෙ නෑ.

01.ඔයාල වෙනත් ටොරන්ට් වැඩසටහන් Install කරල තියේ නම් ඒවා Uninstall කරන්න.

02.Internet Connect කරන්න.

03. Software Manager එක Open කරල search කියන තැන ටයිප් කරන්න මෙහෙම.

qBittorrent



 ලැබෙන Result එකෙන් qBittorrent Install කරගන්න.


 

වැදගත්,

කරදරකාර Peers ලාව Ban කිරීම.

01. ඔයාල බාමින් ඉන්න Torrent File එකේ Upload rate එක Limit කරන්න.ඒ සඳහා

Download වෙමින් පවතින Torrent ගොනුව Right Click කරන්න.

එවිට ලැබෙන Right Click මෙනුවෙ තියෙන Limit Upload rate මගින් ඔයාලට අවශ්‍ය අගය සකසන්න.

02. qBittorrent වල අතුරු මුහුණතේ ඇති Peers යනුවෙන් Tab එකක්.එය Select කරන්න.එවිට අපේ Peers ල ටික දැකගන්න ලැබෙයි. ඔයාට Ban කරන්න ඔින Peer මත Right Click කරල ඔයාට පුලුවන් එයාව Ban කරලදාන්න.



 මේකෙ තව පහසුකම් ගොඩක් තියෙනව. පාවිච්චි කරලම බලන්නකො.




7 comments:

  1. Replies
    1. මේ අපේ ඉසුරුවනේ......!!! එළ.....Thankx Bro.....

      Delete
  2. machan..mamath linux daannam kiyala baluwe..habai..mage hard ake tiyane films,mp3,tv,wage dewal ganne one. portable hard akakata copy karala linux dammata passe apahu a tika ara portable hard aken copy karaganne puluwan weida..?portable hard ake file system aka ntfs nisa linux wala pennannathi weida..?ahema unoth a tika copy karaganne vidihak tiyanewada..?pen akakata dala ba ban..size aka wadi..110gb tiyanewa..?

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න පුලුවන්. portable hard එක ntfs උනාට ප්‍රශ්ණයක් නෑ. මොකද මමත් මගේ linux OS එකට ntfs external hard disk එකක් පාවිච්චි කරනවා.
      ඒ අතරම ඔයා මේකත් මතක තියාගන්න. කවදාහරි දවසක ඔයා portable hard එක linux OS එකෙන් format කරන්න අදහස් කරනව නම් EXT4 විදියට කරන්න එපා.ntfs හෝ fat32 විදියටම කරන්න.(ලිනක්ස් වලදි ඒ පහසුකම තියෙනවා.) Windows වලදි EXT4 Read කරන්නෙ නෑ.ඒ හින්ද ඔයාට Windows පරිසරයක දී ඒක use කරන්න බෑ.ඒත් linux වල EXT4 Read කරනවා.ඒ කියන්නෙ ඒ Format 03ම Linux Read කරනවා.

      Delete
  3. thanx bro...math ada linux damma..post tika okkoma kiyewwa..matath asa hithuna linux walata maaru wenne..windows hora copy use kara athi dan..digatama linux gana apiwa danuwath karanne..ake terminal gane iganaganne asawak awa..

    ReplyDelete